Saturday, April 27, 2024

General line - 0115112241

කොරෝනා වැළදුණු ලාංකිකයෙක් ස්විට්සර්ලන්තයේදී ජිවිතක්ෂයට




කොරෝනා වෛරසය වැළදී සිටි ශ්‍රී ලාංකිකයෙක් ස්විට්සර්ලනත්යේදී ජිවිතක්ෂයට පත්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර සිටිනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා පසුගිය 25 වෙනිදා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය, පුන්කුඩිතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මේ අතර ප්‍රංශයේ වෙසෙන 30 හැවිරිදි ලාංකිකයෙක් ද  කොරෝනා වෛරසයට ගොදුරුව එරට රෝහලක දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන බවට වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් සිදුකළ විමසිමකදී විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කලේ එලෙස දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකිකයාට කොරෝනා වෛරසය ආසාධනයවී ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා එරට වෙසෙන ශ්‍රී ලාංකික බලධාරීන් තමන් වෙත තහවුරු කර නොමැති බවයි.