Saturday, April 27, 2024

General line - 0115112241

සහල් නව මිල ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් වෙයි




සහල් සඳහා වන උපරිම මිල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් අද නිකුත් කෙරුණා. ඊට අනුව රතු හෝ සුදු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 01ක උපරිම මිල රුපියල් 93ක්. සුදු හෝ රතු නාඩු සහල් කිලෝ ග්‍රෑම් 01ක උපරිම මිල රුපියල් 96ක් වනවා. සුදු හෝ රතු කැකුළු සම්බා සහ සම්බා සහල් සඳහා උපරිම මිල කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 98ක්. කිරී සම්බා කිලෝ ග්‍රෑම් 01ක උපරිම මිල රුපියල් 120ක් වනවා. 

මෙම උපරිම මිල ඉක්මවා කිසිවෙකු හෝ සහල් අලෙවි කිරීම නොකල යුතු බවයි ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. 

සහල් සඳහා වන උපරිම මිල මෙලෙස සංශෝධනය කළේ  හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට සහල් මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබාදීමට බව රජය පවසනවා. පාර්ශව ගණනාවක් සමග කළ සාකච්ජාවකින් පසු මෙම මිල සංශෝධනය සිදු කළ බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. මේ ඒ පිළිබඳ කරුණු දැක්වූ සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන.

මේ අතර සහල් හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ලබාදීමට සූදානම් බව ලංකා සතොස නෙත් නිවුස් මීට පෙර කළ විමසීමක දී පැවසුවා. තොග සඟවන්නන් සහ සහල් වැඩි මිලට අලෙවි කරන්නන් සොයා තවදුරටත් වැටලීම සිදුකරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ.