Saturday, April 27, 2024

General line - 0115112241

විදුලි බිල්පතෙහි ගැටලුවක් නම් වහාම දැනුම් දෙන්න - ජනතාවට ඉල්ලීමක්




ඇඳිරි නීතිය පනවා තිබූ කාලය වෙනුවෙන් නිකුත් කර ඇති විදුලි බිල්පත් සම්බන්ධයෙන් තවමත් නොවිසඳුණු ගැටලූ‍ තිබේ නම් ඒ පිළිබඳ වහාම දැනුම් දෙන්නැයි ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි පාරිභෝගිකයන් ගෙන් ඉල්ලා සිටිනවා. 

අසාධාරණයක් නොවන ලෙස බිල්පත් සකස් කරන ආකාරය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට දැනටමත් නිර්දේශ ලබා දී තිබෙන බවයි එහි ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් නෙත් නිවුස් වෙත පැවසුවේ. 

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයද, ලංකා විදුලි පුද්ගලික සමාගම ද එම නිර්දේශ අනුව කටයුතු කිරීමට බැඳී සිටින බවද ඔහු අවධාරණය කළා.

විදුලි බිල්පත් සම්බන්ධයෙන් තවමත් නොවිසඳුණු ගැටලූ‍ තිබේනම් ඒවා දැනුම් දීම සඳහා දුරකථන අංක දෙකක් ද විවෘත කර ඇතැයි මෙහිදී සිිහිපත් කෙරුණා. 0122 392 607 සහ 0112 392 608 එම දුරකතන අංකයි.
 
අදාල පැමිණිලි 0770 126 253 අංකයට වයිබර්, වට්ස්ඇප් හෝ ඉමෝ මඟින් යොමු කිරීමටද පහසුකම් සපයා තිබෙනවා. නැතහොත් ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ද පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.