Friday, April 26, 2024

General line - 0115112241

කී‍්‍රඩා විමර්ශන ඒකකයෙන් අරවින්දට කැඳවීමක්




හිටපු කි‍්‍රකට් ක‍්‍රීඩක සහ හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා හෙට දිනයේ කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත කැදවා තිබෙනවා. එම ඒකකයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා නෙත් ස්පෝට්ස්මන් වෙත කියා සිටියේ හෙට පස්වරු 02.30 ට ප‍්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී ඇති බවයි.

ඒ 2011 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලංකාව අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ඉකුත් සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන්. 2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලි සමයේදී ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ අරවින්ද ද සිල්වායි. 

හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දනන්ද අලූත්ගමගේ ඉකුත් දා ප‍්‍රකාශ කර තිබුණේ අවසන් මහා තරගයේදී කී‍්‍රඩකයින් සිව්දෙනෙකු සිය අනුමැතියකින් තොරව කණ්ඩායමට ඇතුළත් කර තිබූ බවයි. ඊට අදාලව අරවින්ද ද සිල්වාගෙන් මෙලෙස ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය ඉකුත් දා ශ‍්‍රි ලංකා කි‍්‍රකට් ආයතනයට ගොස් මෙම පරීක්ෂණවලට අදාළ ලිපි ගොනුද ලබා ගෙන තිබුණා. 

එවක කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ලෝක කුසලාන සංචිතය සඳහා අවසන් මොහොතේ කැඳවූ කී‍්‍රඩකයින් දෙදෙනාට අනුමැතිය ලබාදුන් ලිපියක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් සති අන්ත ඉංගී‍්‍රසි පුවත්පතක් ද කරුණු අනාවරණ කර තිබුණා.