Thursday, April 25, 2024

General line - 0115112241

උතුරු මියන්මාරයේ පතලක නාය යෑමකින් කම්කරුවන් 50 ක් ජිවිතක්ෂයට : 200ක් පතලේ සිරවේ




උතුරු මියන්මාරයේ ජේඩ් පතලක සිදු වූ නායයෑමකින් කම්කරුවන් 50 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව එරට ගිනි සේවා දෙපාර්තමේන්තුව සහ තොරතුරු අමාත්‍යාංශය පවසනවා.

උතුරු මියන්මාරයේ කැචින් ප්‍රාන්තයේ පිහිටි ජේඩ් පතලේ සේවය කරමින් සිටියදී එක්වරම සිදුවූ නාය යාමක් හේතුවෙන් මෙම විපත සිදුව තිබෙනවා.

දැනට සිදුකර ගෙන යන මෙහෙයුම් වලදී සේවකයින් 50 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇත. 

මේ අතර පතල තුල තවත් පුද්ගලයින් 200 දෙනෙකු සිරවී සිටින බවත් ඔවුන්ව මුදා ගැනීමට මෙහෙයුම් දියත් කරමින් සිටියි.