Saturday, April 27, 2024

General line - 0115112241

සිවාජිලිංගම් යාපනයේදී අත්අඩංගුවට

දිනසේන රතුගමගේ




උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි එම්. කේ. ශිවාජිලිංගම් අද (05) යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනයේ වැල්වෙට්ටිතුරෙයි පොලීසිය හිටපු මන්ත්‍රිවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණය මග හැරීම නිසා ඔහුට එරෙහිව නිකුත් කරණ ලද වරෙන්තුවකට අනුවයි.

මුලතිව් අධිකරණයේ හා යාපනය අධිකරණයේ සිවාජිලිංගම්ට එරෙහිව නඩු තුනක් විභාග වෙනවා.

අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රි සිවාජිලිංගම් යාපනය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.