Thursday, May 2, 2024

General line - 0115112241

කුසල්ගේ රිය අනතුරේ තවත් තොරතුරු අනාවරණය වෙයි




රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ ක‍්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (05) වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතව තිබෙනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ, රිය අනතුර සිදු වූ අවස්ථාවේ කුසල් මෙන්ඩිස් බීමතින් සිටියේද යන්න පරීක්ෂා කිරීම සඳහා එම පරීක්ෂණය සිදු කරන බවයි.

වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

පානදුර කෙසෙල්වත්ත ගොරකාන ප‍්‍රදේශයේදී කි‍්‍රකට් ක‍්‍රීඩක කුසල් මෙන්ඩිස් විසින් පැදවූ මෝටර් රථයක ගැටී පුද්ගලයෙකු මියගියේ අද අලූයම 5.15 ට පමණයි. අනතුරින් මියගිය පුද්ගලයා 64 හැවිරිදි පානදුර ගොරකාපොළ කුමාරතුංග මුනිදාස මාවතේ පදිංචිකරුවෙක්. අනතුර සිදු වන අවස්ථාවේ කුසල් මෙන්ඩිස් පැදවූ මෝටර් රථය තුළ ක‍්‍රිකට් ක‍්‍රීඩක අවිශ්ක ප‍්‍රනාන්දු ද සිට ඇති බවයි වාර්තා වන්නේ.