Thursday, April 25, 2024

General line - 0115112241

අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මරුට




වාරියපොළ, පාදෙණිය ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ති‍්‍රක් අපේක්ෂක අශෝක වඩිගමංගාව මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ඔහු ගමන්ගත් මෝටර් රථය ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි වාරියපොළ පොලිසිය පැවසුවේ. ඔහුගේ දේහය මේ වනවිට වාරියපොළ රෝහලේ තැන්පත් කර ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. 

අශෝක වඩිගමංගාව මහතා හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක සහ එම පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය ධූරය ද හොබවා තිබෙනවා.