Friday, April 26, 2024

General line - 0115112241

වැල්ලවත්තේ කඩපෙළක ගින්න හේතුවෙන් ගාලූපාරේ රථවාහන ධාවනයටත් බාධා




වැල්ලවත්ත ඩබ්ලිව් ඒ සිල්වා මාවතේ කඩපෙළක හටගත් ගින්න හේතුවෙන් ගාලූපාරේ කොළඹ දෙසට වාහන ගමන් ගන්නා මංතීරුව, වැල්ලවත්ත රාමක‍්‍රිෂ්ණ මංසන්ධියෙන් වසා දමා තිබෙනවා. 

වැල්ලවත්ත දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහනවලට සමුද්‍රාසන්න මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි බවයි පොලිසිය පැවසුවේ. 

අදාළ ස්ථානයේ ගින්න පැතිර යාම මේ වනවිට පාලනය කර ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවා. ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් තවදුරටත් මෙහෙයුම්වල නිරත වන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.