Saturday, April 27, 2024

General line - 0115112241

ලොවපුරා ජනප්‍රිය වූ " බොබ්-කට්‌ සෙන්ගමාල්" (PHOTOS)




සුවිශේෂී කොණ්ඩා මෝස්තරයකට හිමිකම් කියන අලියෙකු සම්බන්ධයෙන් පුවතක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් වාර්තා වනවා. තමිල්නාඩුවේ, මන්නර්ගුඩි නගරයේ පිහිටි රාජගෝපාල්ස්වාමි කෝවිලේ ජිවත්වන මෙම අලියා "සෙන්ගමාලම්" ලෙස හඳුන්වනු ලබෙනවා.

අලියා 2003 වර්ෂයේදී කේරළ ප්‍රාන්තයේ සිතා තමිල්නාඩුවට රැගෙනවිත් තිබෙනවා.

සෙන්ගමාලම් අලියාගේ සුවිශේෂී කොණ්ඩා මෝස්තරය ඔහුට ලබා දුන්නේ ඔහුව බලා කියා ගන්නේ එස්. රාජ්ගෝපාල් විසිනි.

කුඩා කාලයේදී පටන් රාජ්ගෝපාල් විසින් සෙන්ගමාලම් ගේ මේ සුවිශේෂී කොණ්ඩා මෝස්තරය සැකසීම සිදුකළ අතර එය දැන් ඉන්දියාව මෙන්ම ලොව අනෙක් රටවල ප්‍රසිද්ධ වී ඇත්තේ " බොබ්-කට් සෙන්ගමාල්" යනුවෙනි.