Saturday, April 27, 2024

General line - 0115112241

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම තවදුරටත් තහනම්




පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ප‍්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස සිදු කරනු ලබන ව්‍යාපාර කටයුතු තවත් මාස 06 කට අත්හිටුවීමට ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

ඒ,  ලියාපදිංචි කොටස් හා සුරැුකුම් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව ශී‍්‍ර ලංකා මහබැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින්. 

ඒ අනුව ඊයේ දින සිට බලපැවැත්වෙන පරිදි මාස 6 ක කාලයක් සඳහා එම සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කිරීමටයි ශී‍්‍ර ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ.