Saturday, April 27, 2024

General line - 0115112241

පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගන්න මහජන සහය ඉල්ලයි




පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රාජකාරී කරනු ලැබූ දැනට සැඟව සිටින පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය ඉල්ලා සිටිනවා.

පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සිදු වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශන කටයුතු සඳහා අදාළ සැකකරු අවශ්‍යව ඇති බවයි.

සැකකරු වෙහෙරවත්ත කංකානමලාගේ සමන් වසන්ත කුමාර නැමැති අංක 189 කිරිකත්ත වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුචු 49ක තැනැත්තෙක්.

සැකකරුගේ ඡායාරූපයක් පහතින් දැක්වෙන අතර සැකකරු ගැන තොරතුරක් දන්නේ නම් 071 859 1767 හෝ 0112 422 176 අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.