Monday, September 23, 2024

General line - 0115112241

පිළියන්දලදී හෝටල් හිමිකරුවෙකු ඝාතනය කෙරේ




පිළියන්දල ප‍්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

ඒ, අද අලූයම 04 ට පමණ පිළියන්දල පොලීසියට ලද තොරතුරකට අනුවයි. අංක 25/2/ඞී ගුරුගම්මන පාර, කැස්බෑව ලිපිනයේ පිහිටි හෝටලයේ හිමිකරු මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ. 

මියගිය පුද්ගලයා එම ලිපිනයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්. මියගිය පුද්ගලයා හිසේ පිටුපස තුවාල සහිතව නිදන ඇඳමත සිටියදී හමුවූ බවයි පොලීසිය පැවසුවේ. 

තුවාල ලබා සිටි එම පුද්ගලයාගේ බිරිඳ ද කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය මගින් පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.