Wednesday, April 24, 2024

General line - 0115112241

පොලිස් වෙඩි පහරින් සිවිල් වැසියෙකු මිය යාමේ සිදුවීම - පරීක්ෂණ ඇරඹේ




මොරටුව, ලූනාව ප‍්‍රදේශයේදී පොලීසිය එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

එම ප‍්‍රදේශයේ හදිසි මාර්ග බාධක යොදා වාහන පරීක්‍ෂා කරමින් සිටියදී මාර්ගයේ ගමන් ගත් ති‍්‍රරෝද රථ දෙකක් නවතා පරීක්‍ෂා කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබුණා. 

ඊට කෝපයට පත් තී‍්‍රරෝද රථයේ පැමිණි පිරිස පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇත්තේ කලහකාරී ලෙස හැසිරෙමින් බවයි පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ. 

පසුව පොලිස් නිලධාරියෙකු විසින් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබුණා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 39 ක් වූ ලූනාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනාගෙන තිබෙනවා.