Saturday, April 27, 2024

General line - 0115112241

රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ තැපැල් ජන්දය කල් යයි




රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ තැපැල් ජන්ද විමසීම කල් දැමීමට තීරණය කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ආර්.එම්. වන්නිනායක ප්‍රකාශ කර සිටිනවා. තැපැල් ජන්ද විමසීම හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ආර්.එම්. වන්නිනායක ප්‍රකාශ කළේ පවතින කොරෝනා තත්ත්වය මත රාජාංගනය ප්‍රදේශයේ පවුල් කිහිපයක් නිරෝධායනයට ලක් කොට තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම අනුරාධපුරය දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂවල තැපැල් ජන්ද ලකුණු කිරීම හෙට දිනයේ සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ආර්.එම්.වන්නිනායක සඳහන් කළේ.