Friday, April 26, 2024

General line - 0115112241

අගමැති මහින්ද දිවුරුම් දීම හෙට




නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ සුබ මොහොතින් දිව්රුම් දීමට නියමිතව තිබෙනවා. 

ඒ, ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදීයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන එම උත්සවයට

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත‍්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිත බවයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් පැවසුවේ.