Saturday, April 27, 2024

General line - 0115112241

ගැබිණි මවකට පහර දුන් පුද්ගලයෙකු නීතියෙන් පැන ගිය බවට චෝදනාවක්




තමන්ට පහර දුන් පුද්ගලයෙකුට එරෙහිව නීතිය නිසි පරිදි කි‍්‍රයාත්මක නොවුණු බවට, රස්නායකපුර පොලිස් වසමේ මගුරන්කඩවල පදිංචි සත් මස් ගැබිණි කාන්තාවක් පවසනවා. 

ඉකුත් 09 වනදා බීමතින් පැමිණි අදාළ පුද්ගලයා තමන්ට පහර දුන් බවත්, තමන් හලාවත මහ රෝහලෙන් දින 04 ක කාලයක් නේවාසිකව ප‍්‍රතිකාර ලබාගත් බවත්, ආර් එම් ශ‍්‍රියානි රාජපක්ෂ නැමැති එම කාන්තාව පවසනවා.

තමන්ට පහරදීම සම්බන්ධයෙන් රස්නායකපුර පොලිසියට පැමිණිලි කළ ද අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හෝ පොලිසිය කටයුතු කර නොමැති බවයි එම කාන්තාව චෝදනා කළේ. 

අදාළ සැකකරු තමන්ට මීට පෙර අවස්ථා කිහිපයකදී ද පහර දී ඇති බව එම කාන්තාව පැවසුවා. 

මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස්, රස්නායකපුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් ද කරුණු විමසීමක් කළා. 

ඔහු කියා සිටියේ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඊයේ දිනයේ පොලිස් ඇප මත මුදා හළ බවයි.

අදාළ ගැටළුව සමථ මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ද, එහිදී විසඳුමක් නොලැබුණහොත් අධිකරණයට කරුණු වාර්තා කරන බව ද රස්නායකපුර පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.