Friday, April 26, 2024

General line - 0115112241

20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන අවසන් තීරණය පක්ෂ නායක රැස්වීමේදී




20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු සිදුකළ කරුණු විමසීමකදීයි.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ඒකාධිපති ගමන වෙනස් කිරීමකට ලක් කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පවසනවා. ඔහු මේ බව පැවසුවේ එම පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

මේ අතර සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී හිටපු කථානායක කරු ජයසූරිය මහතා 20 වන සංශෝධනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.  

කෙසේවෙතත්, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, අවශ්‍ය සංශෝධන සිදුකිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බවයි.