Saturday, April 27, 2024

General line - 0115112241

වත්තල ඇතුලූ ප‍්‍රදේශ කිහිපයකට ලබන සඳුදා පැය 24 ක ජල කප්පාදුවක්




වත්තල ඇතුලූ ප‍්‍රදේශ කිහිපයකට ලබන සඳුදා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්අහිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව වත්තල, තෙලගපාත, ඇවරිවත්ත, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ, බලගල, ගලගහදුව සහ ඇලකන්ද යන ප‍්‍රදේශවලට ලබන සඳුදා රාත‍්‍රි 8 සිට පසුදින රාත‍්‍රී 8 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ඇති. 

හේකිත්ත මාර්ගයේ ජලනල පද්ධතියේ අලූත්වැඩියාවක් හේතුවෙන් එම ප‍්‍රදේශවලට මෙලෙස ජලසැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.