Saturday, April 27, 2024

General line - 0115112241

ඇමරිකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් යලි වැඩි වෙයි




අමෙරිකාවෙන් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් යලිත් වර්ධනය වෙමින් ඇති බව විදෙස් වාර්තා පවසනවා.  

ජෝන්ස් හොප්කින් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව පසුගිය සතිය තුළ අමෙරිකාවෙන් දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 53,000 ඉක්මවා තිබෙනවා.

එමෙන්ම රටේ සියලූම ප‍්‍රදේශවලින් රෝගීන් වාර්තාවීමේ ඉහල ප‍්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි එම විශ්ව විද්‍යාලයේ වාර්තා පෙන්වා දී ඇත්තේ.

ඉලිනොයිස් සහ උතුරු කැරොලිනා ප‍්‍රාන්තවලින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉකුත් සිකුරාදා දිනයේ වාර්තා වූ බවයි ප‍්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

අමෙරිකවෙන් මේ වන විට වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන අසූ දෙලක්ෂ 88,278ක්. ඉකුත් පැය 24දී පමණක් ආසාදිතයින් 71,682ක් වාර්තා වී තිබෙනවා.

එරටින් මේ වන විට වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන දෙලක්ෂ 23,644ක් වනවා.