Saturday, April 27, 2024

General line - 0115112241

නවසීලන්තය යළි ජසින්ඩාට




නවසීලන්ත මහ මැතිවරණයෙන් අග‍්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් අත් කර තිබෙනවා. ප‍්‍රකාශිත ඡන්දවලින් සියයට 87ක් ගණන් කර අවසන් වන විට අග‍්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන්ගේ කම්කරු පක්ෂයට හිමිව ඇති ඡන්ද ප‍්‍රතිශතය සියයට 49ක්. ඇයගේ ප‍්‍රධානතම ප‍්‍රතිවාදී පක්ෂය වන දක්ෂිණාංෂික ජාතික පක්ෂය හිමි කරගෙන ඇත්තේ සියයට 27ක ඡන්ද ප‍්‍රතිශතයක් පමණයි.

1996 වසරේදී හදුන්වාදුන් නවසීලන්තයේ නව ඡන්ද ක‍්‍රමය අනුව එරට මැතිවරණ ඉතිහාසයේ  ඕනෑම පක්ෂයක් ලබාගෙන ඇති ඉහලම ප‍්‍රතිපලය අග‍්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් කම්කරු පක්ෂය මෙවර හිමිකරගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ඒ අනුව දෙවන වරටත් නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ධූරයේ දැරීමේ අවස්ථාව ජසින්ඩා ආඩන්ට හිමි වනවා. විදේශයන්හි වෙසෙන නවසීලන්ත වැසියන් ඇතුලූ විශේෂ ඡන්ද ගණන් කිරීමෙන් පසු නවසීලන්ත මහමැතිවරණයේ අවසන් ප‍්‍රතිපලය තවත් සති තුනකින් නිකුත් කිරීමට නියමිතයි.