Saturday, April 27, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන් 17ක් හමුවීමත් සමග මතුගම ගම්මාන 03ක් හුදෙකලා කරයි




මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

මේ දක්වා එම ගම්මාන ඇසුරෙන් කොරෝනා වෛරසය ආසාදිතයින් 17 දෙනෙකු සොයා ගෙන ඇති බවයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි පල්ලේවෙල, ඌරුපිටිය, ගයියාල සහ ඇන්නරුව යන ගම්මාන 04 තුල සංචාරණ සීමාවන් පැනවීම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ආරක්ෂක අංශවල සහය ඇතිව තීරණය කොට තිබෙනවා.