Saturday, April 27, 2024

General line - 0115112241

කොරෝනා නිසා අමෙරිකාව දැවැන්ත අර්බුදයක් අභියස




කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අමෙරිකාව තවත් දැවැන්ත අර්බුදයකට මුහුණ පා තිබෙනවා. ඒ, අඛණ්ඩව දින 26ක් එරටින් කොරෝනා ආසාදිතයින් ලක්ෂය බැගින් වාර්තා වීමත් සමගයි. ඊයේ දිනය තුළ අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් එක්ලක්ෂ 14, 397ක්ද නව මරණ 892ක්ද වාර්තා වී තිබෙනවා. නොවැම්බර් මාසය තුළ පමණක් අමෙරිකාවෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 04කට අධික වීම විශේෂත්වයක්.

පවතින තත්ත්වය සළකා අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ජෝ බයිඞ්න් පවසා ඇත්තේ කොරෝනා ව්‍යාප්තිය පාලනයට කඩිනම් පියවර ගන්නා බවයි. ඒ අනුව සිය උපදේශක මණ්ඩලයට මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයෙකු හා සෞඛ්‍ය විෂමතා පිළිබඳ විශේෂඥයෙකු ඇතුළත් කර ගැනීමටයි කටයුතු කර ඇත්තේ.