Saturday, April 27, 2024

General line - 0115112241

තවත් පීඩන අවපාතයකින් මෙරට කාළගුණයට බලපෑම්




ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ආශ‍්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි දින 02ක තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා.

මෙම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන්කර ශ‍්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතින බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී ශ‍්‍රී ලංකාවේ සහ ශ‍්‍රී ලංකාව අවට මුහුදු ප‍්‍රදේශවල කාලගුණය කෙරෙහි බලපෑම් එල්ල කරනු ඇති බවයි කාර්යයේ නියතු කාළගුණ විද්‍යාඥ මලිත් ප‍්‍රනාන්දු පැවසුවේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම පීඩන අවපාතය හේතුවෙන් දිවයිනේ නැගෙනහිර වෙරලට ඔබ්බෙන් වන ගැඹුරු මුහුද ප‍්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු අවධානම් බවයි.