Friday, April 26, 2024

General line - 0115112241

තිසර සහ මැතිව්ස් පළමුවරට එල් පී එල් පිටියේදී අද ගැටෙයි




ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. ඒ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන, කලම්බෝ කිංග්ස් සහ තිසර පෙරේරා නායකත්ව දරන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතරයි. එම තරගය අද රාත‍්‍රී 08 ට ආරම්භ වනවා. 

තරගාවලියේ අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටින ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම, ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ තමන් සහභාගී වූ තරග 04 ම ජය ගනිමින්.

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන, කලම්බෝ කිංග්ස් කණ්ඩායම, තරග 03 කට එක්වෙමින් තරග 02 ක් ජයගෙන ප‍්‍රසාද ලකුණු සටහනේ 03 වන ස්ථානයේ පසුවනවා. ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ, ඇන්ජලෝ මැතිව්ස්ගේ කණ්ඩායම සහ තිසර පෙරේරාගේ කණ්ඩායම එකිනෙකා මුණගැසෙන පළමු තරගය ද මෙයයි.