Saturday, April 27, 2024

General line - 0115112241

LPL අවසන් මහ තරගයට පැමිණීමේ බලාපොරොත්තු බිද වැටුනු හේතුව දඹුල්ල වයිකින්ස් නායකයා හෙළි කරයි




පිතිකරණයේ දුර්වලතා සහ දුවද්දී දැවී යාම් දෙකක් සිදුවීම හේතුවෙන්, ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය පිළිබද සිය කණ්ඩායම තැබූ බලාපොරොත්තු බිද වැටුනු බව, දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා. ඊයේ පැවැති දෙවන අවසන් පූර්ව තරගයේදී දඹුල්ල වයිකින්ග් කණ්ඩායම ලකුණු 37 කින් පරාජය කළ, ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම හෙට පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තා. ඊයේ ලද පරාජය සම්බන්ධයෙන් අදහස් දැක් වූ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නායක දසුන් ශානක.

ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය හරහා දක්ෂ යොවුන් කී‍්‍රඩකයින් රැුසක් හඳුනා ගැනීමට හැකි වූ බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුව ද මෙවැනි තරගාවලියක් සාර්ථකව පැවැත්වීමට දායක වූ සියළු පාර්ශවයන්ට ස්තූතිවන්ත වන බව ද දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නායක දසුන් ශානක මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. 

ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය, තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලිය්න්ස් සහ භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර හම්බන්තොට, සූරියවැව, මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී හෙට පැවැත්වීමට නියමිතයි. තරගය හෙට රාති‍්‍ර 07 ට ආරම්භ වනවා.