Saturday, April 27, 2024

General line - 0115112241

පංති ආපු සිසුවිය අපයෝජනය කළ ගුරා අල්ලයි




උපකාරක පංතියකදී 12 හැවිරිදි දැරියක් අපයෝජනය කළ බව කියන ගුරුවරයෙකු අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දැරියගේ මව අනුරාධපුර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුවයි.

අත්අඩංගුවට ගැණුනු 44 හැවිරිදි ගුරුවරයා අනුරාධපුර නගරයේම රජයේ පාසලක සේවය කරන්නෙක්. සැකකරු අද අනුරාධපුර මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරෙනවා.