Saturday, April 27, 2024

General line - 0115112241

ප‍්‍රබලයින් 5ක් නොමැතිව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල අද දෙවන ටෙස්ට් තරගයට




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ජොහැනස්බර්ග් හිදි අද ආරම්භ වනවා. දෙරට අතර පැවති පළමු තරගය ඉනිමකින් සහ ලකුණු 45කින් ජය ගැනීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමත් වුණා.

ශී‍්‍ර ලංකා පිල අද තරගයට පිවිසෙන්නේ ප‍්‍රබල කී‍්‍රඩකයින් පස් දෙනෙකු නොමැතිවයි. දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, ලහිරු කුමාර,   ඕෂධ ප‍්‍රනාන්දු සහ කසුන් රාජිත ආබාධවලට ලක්වීම හේතුවෙන් දෙවන ටෙස්ට් තරගයට කී‍්‍රඩා නොකරන බවයි නායක දිමුත් කරුණාරත්න වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ මාධ්‍ය අමතමින් කියා සිටියේ.

අද තරගයේදී කඩුලූ රකින කී‍්‍රඩක මිනෝද් භානුකට සහ අසිත ප‍්‍රනාන්දුට ටෙස්ට් වරම් හිමිවනුු ඇති බවද නායක දිමුත් කරුණාරත්න සදහන් කළා.

ශී‍්‍ර ලංකා - දකුණු අපිි‍්‍රකා දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය අද පස්වරු 1 යි 30ට ආරම්භ වීමට නියමිතයි.