Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දියාව කොවිඞ් එන්නත රටපුරා බෙදා හැරීම අරඹයි




ඉන්දියාව නිපදවූ කොවිඞ් මර්දන එන්නත ගුවන් මගින් රට පුරා බෙදා හැරීම අද ආරම්භ කෙරුණා. පූනේ සිට ප‍්‍රධාන නගර 13 ක් වෙත එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 56 ක්් අද දිනය තුළ බෙදාහැරීමටයි ඉන්දීය බලධාරීන් සැලසුම් කර තිබුණේ. පළමු එන්නත් තොගය රැගත් ගුවන් යානය අද උදෑසන 10 ට පමණ දිල්ලි ගුවන් තොටුපොලට ගොඩබස්වා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. උෂ්ණත්වය පාලනය කළ ට‍්‍රක් රථ යොදා ගනිමින් අදාළ එන්නත නිපදවන සේරම් සමාගමේ සිට පූනේ ගුවන් තොටුපොල දක්වා එම එන්නත් තොගය ප‍්‍රවාහනය කළ ආකාරයද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

පළමු අදියරේදී සෞඛ්‍ය සේවකයන් හා අනෙකුත් ප‍්‍රමුඛ කාර්යමණ්ඩල සේවකයන් මිලියන 30 කට සහ වයස අවුරුදු 50 ට වැඩි මිලියන 270 ක්  පමණ වන ජනතාවට එම එන්නත ලබාදීමටයි ඉන්දීය බලධාරීන් සැලසුම් කර ඇත්තේ. බිලියන 1 යි දශම 3 ක ජනතාවක් වෙසෙන ඉන්දියාවේ කි‍්‍රයාත්මක මෙම වැඩසටහන ලොව විශාලතම එන්නත් ලබාදීමේ මෙහෙයුම ලෙසටද හැදින්වෙනවා.