මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ අංජු නමැත්තාගේ සමීපතමයෙකු මොරටුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 102 ක් ද සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
මේ අතර වැලිගම පැලෑන ප‍්‍රදේශයේදී පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු ඝාතනය කර තිබෙනවා. තවත් පෞද්ගලික බස්රථයක කොන්දොස්තරවරයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here