Saturday, April 27, 2024

General line - 0115112241

මත්තල ගුවන් තොටුපොළ චීනයත් මග හරින ලකුණු




මත්තල ගුවන් තොටුපොළේ ඉදිරි සංවර්ධන කටයුතු පැවරීම සඳහා චීනයෙන් ආයෝජකයෙකු සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මත්තල ගුවන් තොටුපොළේ අධික ණය බර ඊට හේතුවී ඇති බවයි.

මේ හේතුවෙන් මත්තල ගුවන් තොටුපොළේ ආයෝජන සඳහා නව ආයෝජකයින් සොයා ගැනීමට දැන් කටයුතු කරමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.