Saturday, April 27, 2024

General line - 0115112241

එන්නත් කරගත් පුද්ගලයින්ගෙනුත් කොරෝනා පැතිරිය හැකි බවට අළුත් අනාවරණයක්




කොරෝනා මර්ධන එන්නත ලබා ගත් පුද්ගලයින්ගෙන් පවා තවදුරටත් කොරෝනා වෛරසය අනෙක් පුද්ලයින්ට සම්ප්‍රේෂණය විය හැකි බව බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය වෛද්‍ය ප්‍රධානී ජොනතන් වැන් ටැම් පවසනවා. එබැවින් එන්නත් ලබා ගත් පුද්ගලයින් පවා තවදුරටත් නිරෝධායන නීති පිළිපැදිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

කොරෝනා මර්ධන එන්නත මගින් වෛරසයේ සම්ප්‍රේෂණය සඳහා ඇති කරන බලපෑම විද්‍යාඥයින් මෙතෙක් හඳුනාගෙන නොමැති බව ද ඔහු පවසනවා. 

එන්නත මගින් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය වනු ඇති බවට බලාපොරොත්තුවක් ඇති කර තිබුණද, සම්ප්‍රේෂණ වීමේ ප්‍රතිශතය ඉන් ඉතා ඉක්මනින් පහත වැටිය යුතු බව ද ඔහු පවසනවා. සියයට සියයක් සාර්ථක බවට කිසිඳු එන්නතක් මෙතෙක් තහවුරු කර නොමැති බැවින් ආරක්ෂාකාරී බව වඩා වැදගත් බවයි බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය වෛද්‍ය ප්‍රධානී ජොනතන් වැන් ටැම් පෙන්වා දෙන්නේ. 

බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය වෛද්‍ය ප්‍රධානියාට අනුව මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන අවුරුදු 80 ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 75 කට පමණ මේවනවිටත් කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී අවසන්. 

ඒ, කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග එංගලන්තයේ සෞඛ්‍ය පද්ධතිය බිඳවැටී ඇති පසුබිමක් තුළයි.