Saturday, April 27, 2024

General line - 0115112241

ප්‍රදේශ කිහිපයක් නිදෙහස් වෙද්දී, මිනුවන්ගොඩ ප්‍රදේශ 04 ක් හුදෙකලා කෙරේ




මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ ජුම්මා මස්ජිඩ් මාවත, හිද්‍රා මාවත, අලුත් පාර හා අකරගොඩ යන ප්‍රදේශ හුදෙකලා කර තිබෙනවා. ඒ, අද පස්වරු 06 සිටයි. කෙසේවෙතත්, මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව නැගෙනහිර හා ගල්ඔලුව බටහිර යන ප්‍රදේශවලට පැනවූ හුදෙකලා තත්ත්වය අද පස්වරු 06 සිට ඉවත් කෙරුණා.

එමෙන්ම වැල්ලවත්ත පොලිස් වසමේ නසීර් වත්ත ප්‍රදේශයට පැනවූ හුදෙකලා තත්ත්වය ද ඉවත් කර තිබෙනවා. නිට්ටඹුව පොලිස් වසමේ තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්වල වාරණ පන්සල පාර, කත්තොට පාර හා හිද්‍රා මාවතට ඇතුළු වන ප්‍රදේශවලට පැනවූ හුදෙකලා තත්ත්වය ද ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 

මේ අතර අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 841 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව මේවනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 58,428 ක්.

මේ අතර නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා ආසාදිතයින් 423 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගියා. ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මේවනවිට මෙරටදී පූර්ණ සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 49,684 ක්. කොරෝනා ආසාදිතයින් 8,464 දෙදෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.