Saturday, April 27, 2024

General line - 0115112241

කොරෝනා පාලනයේ ලොව හොඳම රටවල් අතුරින් 10 වන ස්ථානය ශ්‍රී ලංකාවට 




කොරෝනා වෛරසය වඩාත් පලදායි ලෙස පාලනය කළ ලෝකයේ අන් රටවල් සියල්ල අභිබවමින් නවසීලන්තය ඉදිරියෙන්ම සිටින බවට නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. එම ලයිස්තුවේ 10 වන ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තව පවතින ලොව රටවල් 100 කට ආසන්න රටවල් සම්බන්ධයෙන් තක්සේරු කිරීම සඳහා එම රටවල අභ්‍යන්තර ක්‍රියාකාරීත්ය මැන බැලීම සඳහා ඕස්ට්‍රේලියාවේ ලෝවී ආයතනය විසින් සිදුකළ දත්ත රැස්කිරීම සිදුකර ඇති බවයි ABC පුවත්සේවය වාර්තා කර සිටින්නේ.

ඒ අනුව සමික්ෂනයේදී සෑම රටකින්ම වාර්තා වී ඇති කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව හා PCR පරීක්ෂණ සිදුකිරීමේ අනුපාතය සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඇත.

ඒ අනුව එම ලයිස්තුවේ පළමු ස්ථානයට නවසීලන්තය පත්ව ඇති අතර වියට්නාමය, තායිවානය සහ තායිලන්තය පිළිවෙලින් දෙවන, තෙවන සහ සිව්වෙනි ස්ථානය හිමිකර ගෙන ඇත. වෛරසය පාලනය කිරීමට ප්‍රබල ලෙස කටයුතු ඕස්ට්‍රේලියාව එම ලයිස්තුවේ 08 වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 10 වන ස්ථානයේයි.

කොරෝනා වෛරසයෙන් දැඩි ලෙස බලපෑම් එල්ලවී තිබෙන අමෙරිකා එක්සත් ජනපදය ලයිස්තුවේ 94 වන ස්ථානයේ රැඳී සිටින අතර ඉන්දුනීසියාව සහ ඉන්දියාව පිළිවෙලින් 85 සහ 86 යන ස්ථානයේ පසුවේ.

වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වන කරුණු ප්‍රසිද්ධ නොකිරීම හේතුවෙන් චීනය මෙම සමීක්ෂණය සඳහා අන්තර්ගත කොට නොමැති බවයි ලෝවී ආයතනය පවසන්නේ.

පලදායි ලෙස වසංගතය පාලනය කිරීම අතින් ලොව විශාල රටවලට වඩා කුඩා රටවල් ඉදිරියෙන් පසුවන බවයි එම ආයතනයේ හර්ව් ලෙමාහියු පැවසුවේ.

“හදිසි සෞඛ්‍ය අවස්ථා හැසිරවීමේදී විශාල ජනගහණයක් සිටින රටවලට සාපේක්ෂව සාමාන්‍යයෙන් මිලියන 10 ට අඩු ජනගහනයක් සිටින රටවල් වඩාත් කඩිසර බව ඔප්පු වි ඇතැයි” ABC ගුවන් විදුලියේ සාකච්ජාවකට එක්වෙමින් ලෝවී ආයතනයේ හර්වී ලෙමාහියු ප්‍රකාශ කර සිටියේ.