Saturday, April 27, 2024

General line - 0115112241

නැගෙනහිර ජැටියේ ගැටළු රැගෙන වරයා වෘත්තීය සමිති මහනුවරට

හේරත් ඒකනායක




කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබදව වරාය වෘත්තීය සමිති නියෝජිතයින් අද පෙරවරුවේ මහනුවරට පැමිණ අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහා නාහිමිවරුන් දැනුවත් කළා. මේ, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස් ඉන්දීය සමාගමකට ලබාදීමට එරෙහිව හෙට දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු ශ්‍යාමල් සුමරත්න පැවසුවේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබදව රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ද අදහස් පළ කළා.