Friday, April 26, 2024

General line - 0115112241

ඩුබායි - ලන්ඩන් ගුවන් ගමන් තාවකාලිකව නවතී




එක්සත් අරාබී එමීර් රාජ්‍යය සහ බ්‍රිතාන්‍යය අතර සෘජු ගුවන් ගමන් සිදු කිරීම, බ්‍රිතාන්‍යය රජය විසින් තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්. ඒ අනුව ලොව වඩාත් කාර්යබහුලම ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ගය වන ලන්ඩන් සිට ඩුබායි දක්වා වන මාර්ගය අද සිට තාවකාලිකව වසා දැමෙන බවයි බ්‍රිතාන්‍යය රජය නිවේදනය කර ඇත්තේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අමතරව බුරුන්ඩි සහ රුවන්ඩා රාජ්‍යයන් ද බ්‍රිතාන්‍යය විසින් සංචාරක තහනම් පනවනු ලැබූ රටවල් ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.