Friday, April 26, 2024

General line - 0115112241

වාර්තාගත සීත කාලගුණයෙන් ටෙක්සාස් ප්‍රාන්තයේ වැසියන්ට දැඩි පීඩා : ගල් ගැසුණු කැස්බෑවුන් 4000ක් බේරා ගැනීමට ස්වේච්ජා සේවකයින් දැඩි සටනක (VIDEO / PHOTOS)




අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපා තිබෙන අධික ශීතාධික කාලගුණය හේතුවෙන් දැන් දින කිහිපයක සිට එහි වෙසෙන බොහෝ ජනතාවට විදුලිය සහ ජල පහසුකම් ඇණ හිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අමෙරිකාවේ දකුණු දිග කලාපයෙන් ඇරඹි මෙම ශිත දේශගුණය ක්‍රමයෙන් එරට නැගෙනහිර ප්‍රාන්තය දක්වා ව්‍යාප්ත වෙමින් පවතින බවයි කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ.

පසුගිය සතිය තුලදී ශිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 38 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

අධික ශිත කාලගුණය නිසා ඇතැම් නිවෙස් තුල හිම තට්ටු පවා මිදී ඇති අතර ජනතාවට පානීය ජලය පවා නොමැති වීමෙන් දැඩි අර්බුධයකට මුහුණ දී ඇත. 

ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පවා වෙළෙදසැල් විවෘත කර තිබුණත් භාණ්ඩ වර්ග රැසක් විකිණී අවසන් බවයි ටෙක්සාස් ප්‍රාන්ත වැසියන් පවසන්නේ.

මේ අතර ටෙක්සාස් හි දකුණු පැඩ්රේ දුපතේ පිහිටි වෙරළබඩ නගරයක ජිවත් වන වැසියන් විසින් අධික සිතල කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින කැස්බෑවන් 4000 කගේ පමණ දිවි බේරා ගැනීමේ මෙහෙයුමක නිරත වෙමින් සිටිනවා.

මෙම ස්වේච්ජා සේවකයින් විසින් අධික සීතල හේතුවෙන් ගල් ගැසී සිටින කැස්බෑවුන් ගේ ශරිර උෂ්ණත්වය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ව නගරයේ පිහිටි සම්න්ත්‍රණ ශාලාව තුලට ගෙන ගොස් එහි ගෘහස්ථ තාපාගාර සහ කුඩා ළමුන්ගේ ජල තටාක උපයෝගී කර ගනිමින් විශේෂ වැඩපිළිවලක් ආරම්භ කොට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම මෙහෙයුම භාරව කටයුතු කරන ස්වේච්ජා සංවිධානයේ ප්‍රධානියා වන වෙන්ඩි නයිට් ප්‍රකාශ කළේ අධික සීතල හේතුවෙන් කැස්බෑවුන් සිය ගණනක් මියයන්නට ඇති බවට තමන් සැක කරන බවයි.

මෙම අධික සීතල කාලගුණයට නිරාවරණය වීමෙන් කැස්බෑවුන්ට අංශභාගය වැළදෙන බවත් පසුව ඔවුන්ට ආහාර ගැනීමට නොහැකිවීම සහ ජලයට ඉහලින් හිස ඔසවා තබා ගැනීමට නොහැකිවීමට එය බලපාන බව ෆ්ලොරිඩා මත්ස්‍ය හා වනජීවී සංරක්ෂණ කොමිසම පවසනවා.

මේ අතර සිත කාලගුණයෙන් විදුලිය බිඳ වැටී ඇති පසුබිමක මෙම කැස්බෑවුන් ගේ දිවි බේරා ගැනීම සඳහා ජලය උණුසුම්  කර ගැනීම සඳහා අවශ්‍ය විදුලි බලය සපයා ගැනිමට ලෝක ප්‍රකට Space -X ව්‍යාපාරයේ හිමිකරු වන එලෝන් මස්ක් විසින් දකුණු පැඩ්රේ දුපතේ පිහිටි සිය කර්මාන්ත ශාලාව ඇති විදුලි ජනන යන්ත්‍ර ලබාදීමට කටයුතු කර ඇත.