Saturday, April 27, 2024

General line - 0115112241

අකිලගේ කඩුලු ත්‍රිත්වයට පොලාර්ඩ් ගෙන් පිට පිට හයේ පහරවල් 06ක් : කොදෙව්වන් කඩුලු 04කින් T20 තරගය ජය ගනියි (VIDEO)




ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 04 කින් ජය ගැනීමට සමත්වූවා. මෙම තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක කිරාන් පොලාර්ඩ් විසින් එක් පන්දු ඕවරයක් තුලදී පිට පිට හයේ පහරවල් 06ක් එල්ල කිරීමට සමත්වූ අතර අකිල ධනංජය කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත්වීම සුවිශේෂි සිදුවීම් අතර වුවා. 

කාසියේ වාසිය හිමිකරගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. 

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 09 ක් දැවී් ලකුණු 131 ක් රැස් කළා. මෙම තරඟයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස වරම් හිමිකරගත් යොවුන් ක්‍රීඩක පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 39 ක් රැස් කළා. ඒ, හතරේ පහර 04 ක් සහ එක් හයේ පහරක් සමගින්. නිරෝෂන් දික්වැල්ල ලකුණු 33 ක් රැස් කළා. 

ලකුණු 132 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන කොදෙව් කණ්ඩායම පන්දුවාර 13.1 ක් අවසානයේ කඩුලු 06 ක් පමණක් දැවී ලකුණු 132 ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත්වුවා. මෙම තරඟයේ කොදෙව් පිලට එරෙහි සිව්වන පන්දුවාරය ක්‍රියාත්මක කළ අකිල ධනංජය කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීම ද විශේෂත්වයක්. එවින් ලෙවිස්, ක්‍රිස් ගේල් සහ නිකලස් පූරන් ධනංජයගේ පන්දු හමුවේ දැවී ගියා. 

අකිල ධනංජය තරගයේ යැවු 05 වන පන්දු ඕවරයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක කිරාන් පොලාර්ඩ් විසින් පිට පිට හයේ පහරවල් 06ක් එල්ල කිරීමට සම්ත්වුවා. මෙය සීමිත ඕවර තරග ඉතිහාසයේ පිතිකරුවෙකු පිට පිට පන්දු 06 කදී හයේ පහරවල් 06ක් එල්ල කරනු ලැබූ තෙවන අවස්ථාවයි.

මිට පෙර 2007 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලියේ දී හර්ෂල් ගිබ්ස් සහ එම වසරේ පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී යුවරාජ් සිං විසින් මෙම දක්ෂකම සිදුකර තිබෙනවා.