Friday, April 26, 2024

General line - 0115112241

පාපැදියට පණ දෙන ගුවන් හමුදා පාපැදි සවාරිය අද




22 වෙනි ගුවන් හමුදා පාපැදි සවාරිය අද පෙරවරුවේ ආරම්භ වනවා. මෙවර පාපැදි සවාරිය අංශ දෙකකින් යුක්තයි. ඒ අනුව කිලෝමීටර් 147ක දුරකින් යුක්ත පිරිමි අංශයේ තරගය කොළඹ සිට කුලියාපිටිය හරහා කටුනායක දක්වා ක්‍රියාත්මකයි. ඒකළ සිට ආරම්භ වන්නේ කාන්තා අංශයේ තරගය පන්නල හරහා මිගමුව, කටුනායක දක්වා ක්‍රියාත්මක වන්නේ කිලෝමීටර් 78ක දුරක් ගෙවා දමමින්. 

22 වෙනි ගුවන් හමුදා පාපැදි සවාරිය සංවිධාන කෙරෙන්නේ 70 වන ගුවන් හමුදා සංවත්සරයට සමගාමිවයි. මේ, ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මෙහිදී කියා සිටියේ පෙර වසර වල මෙන් මෙවර තරගයට විදෙස් ක්‍රීඩකයින් කිසිවෙකුත් සහභාගී නොවන බවයි.

22 වෙනි ගුවන් හමුදා පාපැදි සවාරියේ නිල අනුග්‍රාහකයින් ලෙස පීපල්ස් ලිසිං සමාගම, සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ මයි කෝලා කටයුතු කරනවා. මෙවර පාපැදි සවාරියේ නිල රේඩියෝව නෙත් එෆ් එම් රේඩියෝවයි.