Friday, April 26, 2024

General line - 0115112241

බීමතින් රිය අනතුරක් සිදුකළහොත් නීතියෙන් ලැබෙන දඬුවම කුමක්ද? පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරුණු කියයි




මේ දිනවල මහමග ගමන් කරන ඔබ වෙනදාටත් වඩා දැඩි සැලකිල්ලක් දැක්විය යුතු තත්ත්වයක් උදාවී තිබෙනවා. පොලීසිය ද එම ඉල්ලීම සිදුකරන්නේ දිනෙන් දින ඉහළ යන රිය අනතුරු හේතුවෙන්. මහමග ගමන් කරන ඔබේ වරදින් හෝ මාර්ගයේ වාහන ධාවනය කරන රියදුරන්ගේ වරදින් සිදුවන අනතුරකින් ජීවිත පවා අහිමි වූ අවස්ථා රැසක් ඉකුත් සතිය පුරා අඛණ්ඩව වාර්තා වුණා. පොලීසිය සඳහන් කළේ දෛනිකව සිදුවන මාර්ග රිය අනතුරුවල වැඩිවීමක් මේදිනවල දැකගත හැකි බවයි. ඒ අතරින් බීමත් රියදුරන් අතින් සිදුවන අනතුරු ප්‍රධානයි. 

වැල්ලවත්ත ප්‍රදේශයේදී මහමග ගමන් කරමින් සිටි සිව්දෙනෙකු යට කරමින් එක් අයෙකුට දිවි අහිමි කරමින් ඊයේ සිදුවූ ආසන්නතම සිදුවීමට සම්බන්ධ වි සිටියේද රාත්‍රී සමාජ ශාලාවකදී බීමත්වූ පුද්ගලයෙක්. බීමතින් රිය අනතුරක් සිදුකළහොත් නීතියෙන් ලැබෙන දඬුවම කුමක්ද? මේ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ. 

දිගින් දිගටම සිදුවන මාරක රිය අනතුරු වැළැක්වීම සඳහා පොලීසිය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ පොලීසියට පමණක් රිය අනතුරු වැළැක්වීමට නොහැකි බවයි.