Saturday, April 27, 2024

General line - 0115112241

කොවිඩ් නිසා ඉන්දියාවේ තවත් නගර 07 ක් හෙට සිට වැසේ




නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසුව ඉන්දියාවෙන් හඳුනා ගැනුණු වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිස ඊයේ හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේදී පමණක් ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන එක් ලක්ෂ 31, 893 ක් වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඊයේ දිනයේදී පමණක් ඉන්දියාවෙන් කොරෝනා මරණ 802 ක් වාර්තා වී තිබෙනවා. 

03 වන කොරෝනා රැල්ලේ බලපෑමට ලක්ව ඇති ඉන්දියාවෙන් ගතවූ දින කිහිපය පුරාම දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂය ඉක්මවුවා. එහි ප්‍රථිපළයක් ලෙස ගතවූ දින 05 තුලදී ලොව රටවලින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 17 ක ප්‍රතිශතයක් හඳුනාගෙන ඇත්තේ ඉන්දියාවෙන් බවයි එරට මාධ්‍ය වාර්තා අනාවරණ කරන්නේ. 

මේ අතර පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඇඳිරි නීතිය බලපැවැත්වෙන ඉන්දියාවේ නවතම ප්‍රාන්තය බවට කර්නාටක ප්‍රාන්තය පත්ව තිබෙනවා. ඒ අනුව කර්නාටක ප්‍රාන්තයේ ප්‍රධාන නගර 07 කට හෙට සිට රාත්‍රී 10 සිට පසුදා අලුයම 05 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇති. කර්නාටක ප්‍රාන්තයට අමතරව නව්‍ය කොරෝනා වෛරසයේ 03 වන රැල්ලේ අවදානමට ලක්ව ඇති අනෙකුත් ප්‍රධාන ප්‍රාන්ත වන්නේ මහාරාෂ්ට්‍ර, චටිස්ගර්, උත්තර් ප්‍රදේශ්, දිල්ලි, මධ්‍ය ප්‍රදේශ් හා තමිල්නාඩු, ගුජරාට්, කේරළ හා පන්ජාබ් යන ප්‍රාන්තයි.