Friday, April 26, 2024

General line - 0115112241

බ්‍රසීලයෙන් තවත් කොවිඩ් ප්‍රභේදයක් : ගතවූ පැය 24 ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වෙයි




බ්‍රසීල විද්‍යාඥයින් විසින් එරටින් නව කොවිඩ් ප්‍රභේදයක් සොයා ගෙන තිබෙනවා. නව කොවිඩ් ප්‍රභේදයේ විකෘති 18ක් අඩංගු වන බවයි එරට විද්‍යාඥයින් අනාවරණය කර සිටින්නේ.

නව කොවිඩ් ප්‍රභේදය බ්‍රසීලයේ Bell Horizonte නගරයෙන් පළමු වරට හඳුනා ගෙන තිබෙනවා. 

මෙම නව කොවිඩ් ප්‍රභේදයේ විශේෂ ලක්ෂණ කිහිපයක් දක්නට ලැබෙන බවත් බ්‍රසීලයේ දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වීමට මෙම නව ප්‍රභේදය බලපෑ තිබේද යන්න ගැන පර්යේෂණ කරමින් සිටින බවයි එරට ෆෙඩරල් සරසවියේ වෛරසවේදය සම්බන්ධයෙන් විශේෂඥවරයෙක් වන රේනාටෝ සන්ටානා ප්‍රකාශ කර සිටියේ.

ඊයේ දිනයේදී බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින් 80,157 දෙනෙක් වාර්තා වී ඇති අතර එරට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,601,566ක් වනවා.

බ්‍රසීලයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 3,687ක් වාර්තා වූ අතර එරට සමස්ත මරණ සංඛ්‍යාව 358,718ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර දෛනික ගෝලීය කොවිඩ් දත්ත අනුව ගතවු පැය 24ක කාලය තුලදී ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය 185,248ක් වනවා. 

ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,871,321ක් වනවා.

ඊයේ දිනයේදී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිත මරණ 1,026ක් වාර්තා වී ඇති අතර එරට සමස්ත මරණ සංඛ්‍යාව 172,115ක් වනවා.

මිට අමතරව අමෙරිකාවෙන් කොවිඩ් ආසාදිතයින් 77,720ක් සහ මරණ 819ක්, තුර්කියෙන් ආසාදිතයින් 59,187ක් සහ මරණ 273ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 39,113ක් සහ මරණ 345ක් ලෙස දෛනික ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.