Friday, April 26, 2024

General line - 0115112241

දිල්ලි අගනුවර සති අන්තයේ වැසෙයි




කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවරට සති අන්තයේ ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. 

ඒ, පැය 24 ක කාලයක් තුළ පළමු වරට ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් දෙලක්ෂයකට අධික පිරිසක් වාර්තා වීම හේතුවෙන්. ඒ අනුව සාප්පු සංකීර්ණ, කාය වර්ධන මධ්‍යස්ථාන සහ ආපනශාලා සති අන්තයේ වසා තැබෙන අතර අත්‍යාවශ්‍ය සේවාවන් පමණක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කොරෝනා ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග දිල්ලි අගනුවර රෝහල්වල ඇඳන් සහ ඔක්සිජන් සැපයුම්වල හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර දෙවන ස්ථානයේ පසුවන ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි හතලිස්ලක්ෂ 74,564 ක්. එරටින් සමස්ත කොරෝනා මරණ එක්ලක්ෂ 73,152 ක් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.