Saturday, April 27, 2024

General line - 0115112241

පිට පළාත්වල සිසු සිසුවියන් උසස් පෙළ විභාගයෙන් වැඩි දස්කම් පෙන්වයි




2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කොළඹින් බැහැර ප්‍රදේශවල සිසුන් වැඩි දක්‍ෂතා දැක්වීමට සමත් වී තිබෙනවා. එම ප්‍රතිඵල අනුව ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත්තේ යාපනය චාවකච්චේරිය හින්දු විද්‍යාලයේ ධනරාජ් සුන්දර්බවන් සිසුවායි. ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විදුහලේ ප්‍රවීන් විජේසිංහ සිසුවා හිමිකර ගෙන තිබෙනවා. 

වාණිජ අංශයේ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අමන්දි මදනායක හිමිකර ගෙන තිබෙනවා. කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත්තේ දෙහිවල ප්‍රෙස්බිටේරියන් කාන්තා විදුහලේ චමල්කා සෙව්මිණී ශිෂ්‍යාවයි. ජෛව තාක්‍ෂණ අංශයේ ප්‍රථම ස්ථානයේ හොරණ තක්‍ෂිලා මහා විද්‍යාලයේ සුසික සඳසර හිමිකර ගෙන ඇති අතර ඉංජිනේරු තාක්‍ෂණ අංශයේ ප්‍රථම ස්ථානය එම විද්‍යාලයේම අවිශ්ක චානුක සිසුවා හිමිකර ගෙන තිබෙනවා.

මේ අතර වාණිජ විෂය ධාරාවේ දිවයිනේ තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ නාදියා මරියුම් කුල්සි ශිෂ්‍යාවයි. ඇය නෙත් රේඩියෝවේ පුංචි උදෑසන ඇතුළු ළමා වැඩසටහන්වලදී ද සිය දක්‍ෂතා පෙන්වූ ශිෂ්‍යාවක්. තමන් ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් නාදියා නෙත් නිවුස් වෙත අදහස් පළ කළේ මෙලෙසයි.