Saturday, April 27, 2024

General line - 0115112241

මෙරටදී පළමු වරට කොවිඩ් ආසාදිතවී ගර්භණි කාන්තාවක් මියයයි 




මෙරට පළමු කොවිඩ් ආසාදිත ගර්භණි කාන්තා මරණය වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගර්භණි කාන්තාවක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. අද අලුයම මෙම මරණය වාර්තා වූ බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මාළඹේ, ගෝනවත්ත  ප්‍රදේශයේ එකම පවුලේ තුන්දෙනෙකු මියයාමේ පුවතක්ද වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ 86 හැවිරිදි සැමියා සහ ඔහුගේ 94 හැවිරිදි බිරිඳ හා බිරිඳගේ 82 හැවිරිදි බාල සහෝදරියයි. ඔවුන් තිදෙනාම අප්‍රේල් මස 22 වනදා අයි ඩී එච් රෝහලට ඇතුළත් කර සිටි අතර මැයි 03 වනදා ඔවුන් මියගොස් තිබෙනවා. මියගිය යුවළගේ දියණිය, ඇගේ සැමියා සහ ඔවුන්ගේ පුත්‍රයාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් ද ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ අයි ඩී එච් රෝහලටයි. මේවනවිට මියගිය යුවළගේ දියණිය පමණක් එම රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ සැමියා සහ පුත්‍රයා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. 

මේ අතර මෙරටින් තවත් කොරෝනා මරණ 11 ක් අද වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු හා කාන්තාවන් 05 දෙනෙක්. මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 33 ක පුද්ගලයෙකු ද වනවා. ඔහු කෝන්ගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 720 ක්.