Friday, April 26, 2024

General line - 0115112241

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 2568ක් සහ මරණ 23ක් වාර්තා වෙයි




මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ දිනයේදීද 2,500 සීමාව ඉක්වා ගියා. ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් ගණන 2568 ක්. මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණනද එක් ලක්‍ෂ 31,098 ක් දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් එම පිරිසෙන් එක් ලක්‍ෂ 6,641 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

තවදුරටත් රෝහල්වල හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 23,607 ක් වනවා. 

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා මරණ 23 ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 850 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.