Friday, April 26, 2024

General line - 0115112241

වත්තලදී රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කළ රියදුරෙක් අත්අඩංගුවට




රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කළ රියදුරෙක් වත්තල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල නිලධාරියා අනතුරට ලක්ව ඇත්තේ අද උදෑසන  වත්තල හංදියේ රථ වාහන රාජකාරියේ නිරතව සිටියදීයී. අදාල පොලිස් නිලධාරියා සිටි ස්ථානයට ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් ඔහුගේ ඇගේ හැපී ඉදිරියට ධාවනය වන ආකාරය සී සී ටීවී කැමරාවලද පටිගත වී තිබෙනවා.

තුවාල ලැබූ අදාල පොලිස් නිලධාරියා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වත්තල පොලීසිය පැවසුවේ.