Saturday, April 27, 2024

General line - 0115112241

හිලරි නතර කරන්න ගිනි අවි දරන්නෝ පෙරට එන්න – ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්




මතභේදාත්මක ප‍්‍රකාශ කිහිපයක් නිසා ලොව පුරා කතාබහට ලක්ව සිටින අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්‍ෂයේ අපේක්‍ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ප් නැවත වරක් මතභේදාත්මක ප‍්‍රකාශයක් කර තිබෙනවා.

ඒ, ප‍්‍රතිවාදී අපේක්‍ෂක හිලරි ක්ලින්ටන්ගේ ගමන නතර කිරීම සදහා ගිනි අවි සන්තකව සිටින තැනැත්තන් ගිනි අවි අතදැරිමට ඇති අයිතිය භාවිත කළයුතු බවටයි.

ඇමෙරිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ගිනිඅවි සන්තකව සිටිමට පුද්ගලයින්ට අයිතියක් දී තිබෙනවා.

ඩිමොක්ට්‍රොටික් අපේක්‍ෂක හිලරි ක්ලින්ටන් බලයට පැමිණියහොත් මෙම අයිතිය අහෝසි කරනු ඇති බවයි ඩොනල්ඞ් ට‍්‍රම්ප් වැඩිදුරටත් කියාසිටියේ.