Saturday, April 27, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය නොතැකූ යාපනයේ තවත් අවමංගුල් උත්සවයකට මහ සෙනගක්




නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් යාපනය, අච්චුවේලි ප්‍රදේශයේ අවමංගල උත්සවයකට පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් සහභාගී වී ඇතැයි වාර්තා වනවා. 

විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ 40 හැවිරිදි පුද්ගලයෙකුගේ අවමංගල උත්සවයකට ඊයේ දිනයේදී මෙලෙස විශාල පිරිසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ. 

මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණු අතර අවමංගල්‍ය පෙරහැරේ ගමන් කළ පිරිසෙන් කොටසක් බෙර වයමින් ගමන් කර තිබෙනවා. මෙම අවස්ථාවට කුඩා දරුවන්ද සහභාගී කරවාගෙන ඇත්තේ සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින්. 

රට පුරා නිරෝධායන ඇඳීරි නීතිය ක්‍රියාත්මක පසුබිමක යාපනයේ අච්චුවේලි ප්‍රදේශයේ අකුණුසැර වැදී මියගිය ලංගම බස්රථ රියදුරෙකුගේ අවමංගල්‍ය උත්සවයකට මෙලෙස විශාල පිරිසක් සහභාගී වූයේ කෙසේද යන්න ගැටළුවක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. 

මීට පෙර ද යාපනයේ පැවැති මෙවැනිම අවමංගල්‍ය උත්සවයක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් එක්ව සිටියා.