Friday, April 26, 2024

General line - 0115112241

ප්‍රදේශ කිහිපයකට අද මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි




සබරගමුව සහ බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ද ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. 

හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. 

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

උතුරු සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැයට කිලෝමීටර් 40 ත් 50 ත් දක්වා වැඩිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.